News

ඔස්ට්‍රේලියා වයින්වලට 212%ක බද්දක්

ඔස්ට්‍රේලියානු වයින් වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (28 වැනිදා) සිට 212%ක් දක්වා බදු වැඩි කිරීමක් චීනය සිදුකර ඇත.

දෙරට අතර වෙළෙඳ ආතතීන් මේ වනවිට ඉහළ යමින් පවතින අතර චීන වෙළෙඳ අමාත්‍යාංශය පවසන්නේ ආනයනික වයින් සඳහා සාධාරණ බද්දක් පැනවීම මෙහි අරමුණ බවයි.

මේ වනවිටත් ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන වෙළෙඳ භාණ්ඩ වෙනුවෙන් චීනය 107%ක පමණ ඉහළ තීරු බදු පැනවීම් සිදුකරයි. චීනය ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ප්‍රධානතම වෙළෙඳ භාණ්ඩ අතර ගල්අඟුරු, සීනි, බාර්ලි සහ පොකිරිස්සන්වේ.

නයන තරංග ගමගේ