News

කජු ටොන් 300ක් මැයි අග සංස්ථාවට

කජු අස්වනු නෙළීම ආරම්භ වන මැයි මස අග වනවිට ගොවීන්ගෙන් කජු ටොන් 300ක් මිලදී ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා කජු සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් මැදගෙදර පැවසීය.

කලින් අස්වනු නෙළීම ආරම්භ වූ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් සංස්ථාවට කජු ටොන් 14ක් මේ වනවිටත් ලැබී තිබෙන බවත්, ඉදිරි මිලදී ගැනීම් සඳහා මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කරමින් සිටින බව හෙතෙම කීවේය.

ඇඳිරිනීතිය හේතුවෙන් කජු අස්වනු ප්‍රවාහනය සම්බන්ධව ගැටලු පැවති නමුත්, අදාළ කර්මාන්තශාලා විවෘත කිරීම සම්බන්ධයෙන් ගැටලුවක්​ නොමැති බවද ඔහු පැවසීය.

කජු අස්වනු නෙළා, ඒවා විකුණා ගැනීමට නොහැකිව කුරුණෑගල සහ පුත්තලම ප්‍ර‍දේශවල කජු ගොවීන් විශාල ප්‍රමාණයක් මේ වනවිට අසරණව සිටින බව එම ගොවීහු පවසති.

 

ශිරන්තනි මානවඩු