News

කන්දකාඩුවෙන් කොරෝනා රෝගීන් 196ක් හදුනා ගනී

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය.

ඊයේ(10) දිනයේ හඳුනාගත් 56 දෙනා සමග අදාළ මධ්‍යස්ථානයෙන් මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන තිබේ.