News

කන්දකාඩුවේ කොරෝනා අසාදිතයින් 597ක් වෙයි

කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළ ව අද (28) දින උදෑසන වන විට කොරෝනා ආසාදිත පුද්ගලයින් 597 දෙනෙක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

පුනරුත්ථාපනය වන රැඳවියන් 482ක්, කාර්ය මණ්ඩලයේ 65ක්, ආරාධිත කාර්ය මණ්ඩලයේ 5ක්, පවුල් හා සමීපතමයින් 44ක් හා වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් 19 වෛරසය ආසාදිත වු රැඳවියා ඇසුරු කළ පුද්ගලයෙක් මෙම ආසාදිතයින් අතරට අයත් ය.