කන්දකාඩුවේ කොරෝනා අසාදිතයින් 601ක් වෙයි
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිත පොකුරේ ආසාදිතයන් අද(03) උදෑසන 6.00 වන විට 601ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙයින් වැඩිම පිරිසක් පුනරුත්තාපනය වන රැඳවියන් වන අතර එම සංඛ්‍යාව 482කි.
මීට අමතරව කාර්ය මණ්ඩලයේ 66ක්, ආරාධිත කාර්ය මණ්ඩලයේ 05ක්, පවුල් හා සමීපතමයින් 47ක්, වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිත වූ රැඳවියා ඇසුරු කළ පුද්ගලයන් 01ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබේ.
