News

කරාපිටියේ මනෝ වෛද්‍ය ඒකකය වැසෙයි

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අකුරැස්සේ අමලගොඩ පදිංචි කාන්තාවකට කොවිඩ් ආසාදිත බව තහවුරු ගෙන තිබෙන බැවින් කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ඒකකය වසාදමා තිබේ.

ඒ අනුව කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය ඒකකය වන 23 වාට්ටුව තාවකාලිකව හුදකලා කිරීමට කටයුතු කර ඇත.

එම ඒකකයට පැමිණෙන සහ වෙනත් වට්ටුවලින් යොමුකරන සෑම රෝගියෙක්ම උණවටුන රෝහල වෙත යොමුකිරීමට ද පියවර ගෙන තිබේ.