කරු බොරු කියයි
කරු ජයසූරිය කථානායක ධුරයට පත් වූ දින සිට පක්ෂ අරමුදල සඳහා මුදල් ලබා දී නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන් රුපියල් 5000 බැගින් මාසිකව පක්ෂ අරමුදලට ලබා දී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ හිටපු කථානායකවරයා පක්ෂයේ යාවජීව සාමාජිකයකු බවට ඇඟවීමට දරන උත්සාහය අසත්‍ය සහ පදනම් විරහිත බවයි.
කරු ජයසූරිය මහතා අගෝස්තු 24 වැනි දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ දී තමන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු බව සඳහන් කර නොමැති බව ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ නිකුත් කළ නිව්දනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
