News

කසළ තේ තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝ 700ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (12) සීදූව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ අවස්ථාවේදී සැකකරුවන් කසළ තේ පැකට් කරමින් සිට ඇත.

එහි තිබී කිලෝ 35 බැගින් වූ පැකට් විස්සක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 , 51 වයස්වල පසුවන ජාඇල සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

අදාළ සැකකරුවන් අද (13) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.