කහ කිලෝ 25,000ක් රේගු භාරයට
නීති විරෝධී ලෙස කහ කිලෝ 25,000ක් කොළඹ වරායෙන් මෙරටට ගෙනැවිත් තිබියදී රේගු නිලධාරීන් විසින් ඔරුගොඩවත්ත අංගනයකදී අත්අඩංගුවට ගෙන ඇත.
බී ලූනූ මෙරටට ආනයනය කරන මුවාවෙන් බහලුම් 04ක බහා මෙම කහ කැබිලි තොගය පසුගිය 9 වැනිදා ඩුබායි හි සිට කොළඹ වරායට ගෙනැවිත් ඇති බව රේගුව පවසයි.
මෙම කහ තොගය කොළඹ පිටකොටුවේ ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන්වා ඇත.
එලෙස ගෙන්වන ලද කහ තොගය ඇති බහාලුම්වල බී ළුෑණු කිලෝ ලක්ෂයකට අධික තොගයක් ඇති බවට රේගුවට ප්‍රකාශ කර එය නිෂ්කාශනය කර ගැනීමට උත්සාහ දරා තිබේ.
කෙසේ නමුත් රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් එම අංගනයට ගොස් අදාළ බහලුම් විවෘත කර පරීක්ෂණ කටයුතු සිදුකර ඇත.
එහිදී රුපියල් මිලියන 19කට අධික මෙම කහ තොගය සොයාගෙන ඇත.
