කොළඹ සහ කළුතර තවත් ප්‍රදේශ කිහිපයකට වහාම ඇඳිරිනීතිය පනවයි
වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකකට සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ තුනකට නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන ප්‍රදේශ දෙකට නැවත දැනුම් තුරු නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල සහ අලුත්ගම ප්‍රදේශ වලට ලබන සදුදා (26) උදෑසන 5.00 දක්වා නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.

