News

කාන්තාව කළ පහරදීමෙන් යාචකයා මරුට

අනුරාධපුර, පළාත් ඉංජිනේරු කාර්යාලය අසල දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට වාර්තා වේ.

මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ප්‍රදේශයේ සිටි යාචකයෙකු බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. පුද්ගලික ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් පහරදීම කර ඇත. පහරදීම නිසා මරණය සිදුව ඇති බවට වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලීසිය සිදුකරයි.