News

කැනඩාවේ වීසා ගැන පවසා කළ මුදල් ජාවාරම

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා විවිධ ආකාරයේ දැන්වීම් පළකර මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවූ කාන්තාවක් ඇතුළු පුද්ගලයි 5දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් විශුද්ධිකරණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි තුනකට අනුව මෙම වැටලීම කර ඇත. මේ බව පොලිස් මාධ්‍ය කොට්ඨාෂය සඳහන් කර ඇත.

අවම ලේඛන සංඛ්‍යාවක් සහිතව කැනඩා රටේ රැකියා සඳහා වීසා ලබාදෙන බව පවසා මෙම ජාවාරම ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීම් පළකරමින් කරගෙන ගොස් ඇත.

මුලික වශයෙන් ඔන්ලයින් ක්‍රමයට බැංකු ගිණුම් තුලින් මුදල් ලබාගෙන ජාවාරම කරගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.

සැක කරුවන් කඳාන, මාරවිල, රද්දොළුගම, මැල්සිරිපුර සහ ගල්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සොයාගෙන ඇත.

වංචාවට හසුවූ අය ඇත්නම් 0112 326 979 දුරකථන අංකය ඔස්සේ තොරතුරු දැනුම්දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

.