News

කැලණිය විශ්වවිද්‍යාලය සතියක් වසයි

කැලණිය විශ්වවිද්‍යාලය,ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද ආයතනය,නයිවල තාක්ෂණ විද්‍යාලය හෙට (05) සිට සතියක් වසා දැමෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව නේවාසිකාගාරවල සිටින සිසුන් හැකි ඉක්මනින් තම නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන්ගෙන් ඉල්ලා සිටියි.