News

කෑගල්ල අධිකරණයේ නීතිවේදියකුට කොරෝනා

කෑගල්ල මහේස්ත්‍රාත් අදිකරණයේ නීතිවේදියකුට කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා ඔහු අවසන් වරට අධිකරණ කටයුතු සඳහා සහභාගී වී තිබෙන බව පැවසෙනවා.

එබැවින් අද (15) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සියලුම අධිකරණ කටයුතු නවතා දැමුණ අතර අධිකරණ සංකීර්ණය විෂබීජ හරණය කර තිබේ. අධිකරණ සංකීර්ණය නැවත හෙට (16) දින අධිකරණ කටයුතු සිදුකිරීමට නියමිතයි.