කිතුණු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
තවත් හෝරා කිහිපයකින් උදාවීමට නියමිත අසිරිමත් නත්තල වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව දිවයිනේ සියලුම කිතුණු දේවස්ථාන සහ ඒ ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට නියෝග කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබාදී ඇති බවයි.
අද පස්වරුවේ පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් ද නිකුත් කර තිබේ.
