News

කිලිනොච්චියේ සියලු පාසල් යළි වැසේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (24) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී ඇති බව කිලිනොච්චිය කිලිනොච්චි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සැරි සැරූ පුද්ගලයෙකු කොරෝනා රෝගියෙකු  බවට හඳුනා ගෙන ඇති අතර කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මොහු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පී. සී. ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

කොරෝනා දෙවන රැල්ල ආරම්භවීමෙන් අනතුරුව ඊයේ (23) කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් තෙවන වරාය සඳහා විවෘත කෙරිණි.

කෙසේ වෙතත්, පාසල් විවෘත කිරීමෙන් අනතුරුව අදාළ ආසාදිතයා ගමන්ගත් ස්ථාන සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බව කිලිනොච්චි සෞඛ්‍ය අංශ පැවසීය.