කුරුස කන්දට ලැබුණු නත්තල් තෑග්ග
ලක්වාසී සියලුම කතෝලික ජනතාවගේ භක්ති ආදරයට ලක්වූ ත්‍රිකුණාමලය චීන වරාය මීසමට අයත් නාච්චිකුඩා ප්‍රදේශයේ තිබෙන කුරුස කන්ද වසර පනහකට වැඩී අතීතයකට හිමිකම් කියන කතෝලික ජනතාව සතු පූජනීය ස්ථානයකි.
පසුගිය වසර හතර පහ පුරාවට මෙම ස්ථානය මුස්ලිම් අන්තවාදීන් විසින් මෙහි ඉඩම් අත්පත් කරගනිමින් සහ එම කඳු මුදුනේ සවිකර තිබෙන යාඥා කුරුස කඩාබිඳ දමමින් පියතුමන් හට තර්ජනය කරමින් කරන්නා වූ මෙම ක්‍රියාදාමය පිළිබඳව දෙරණ රූපවාහිනිය මගින් ඔක්තෝබර් 07 වන දින ප්රවෘත්ති විකාශය තුළින් විකාශනය කිරීමත් සමග සියලුදෙනාගේ අවධානය ඒ කෙරෙහි යොමු වූ අතර පාර්ලිමේන්තුව තුළ ද කතාබහට ලක්විය.
වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගෙන් විමසූ විට ඒ පිළිබඳව ස්ථානය පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව කටයුතු කිරීමට සූදානම් බව පවසන ලදී.
ත්‍රිකුණාමලය කතෝලික ජනතාවට නත්තල වෙනුවෙන් ලබාදුන් නත්තල් ත්‍යාගයක් වශයෙන් ඊයේ(23) දිනයේ දී රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා පැමිණ කුරුස කන්ද නිරීක්ෂණය කර පියතුමන් හට අවශ්‍ය දේ කරගෙන යාමට සහාය ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.
මේ පිළිබඳව ලක්වාසී සහ ත්‍රිකුණාමලය සියලුම කතෝලික ජනතාව දෙරණ නාලිකාවටත් පැමිණි සියලුම මන්ත්‍රීවරුන්ටත් ඇමතිවරුන්ටත් ස්තුතිය පුද කරයි දර්ශන එවා ඇත.

