කුලී පදනමට ගත් වාහන උකස් කර මුදල් අරන්
කුලී පදනම මත ගත් වාහන උගස් කළ සැකකරුවකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (23දා) අත්අඩංගුවට ගත්තේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 52 හැවිරිදි වියේ පසුවන මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නුවර ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබූ වාහන කුලියට ලබාදෙන ආයතනයක් මගින් වාහන හිමිකරුවන්ගෙන් ලබා ගෙන ඇති සැකකරු විවිධ ස්ථානවලට උගස් කර තිබූ වාහන පහක් සොයාගෙන තිබේ.
පසුගිය 21 වැනිදා අනුරාධපුර පොලිස් අධිකාරී කාර්යාලයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව විජයපුර ප්‍රදේශයේ තිබී රුපියල් ලක්ෂයකට උගස් කරන ලද මෝටර් රථයක් සොයාගෙන තිබුණි. ඒ අනුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් වාහන 4 ක තොරතුරු අනාවරණය වී ඒවාද සොයාගත් බව පොලිසිය පවසයි.
නුවර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයතනයේ හිමිකරු විසින් විවිධ පුද්ගලයන් යොදාගනිමින් වාහන මෙලෙස උගස් කර ඇති බව හෙළිවී ඇත.. මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු වන වාහන කුලියට දෙන ආයතන හිමිකරු සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
දැනට අනාවරණය වන තොරතුරු අනුව වාහන 20 කට අධික සංඛ්‍යාවක් සැකකරුවන් විසින් උකස් කර ඇති බව හෙළිවී තිබේ.
හේමන්ත ලියනපතිරණ
