News

කුලී රථ රියදුරන්ට දැනුම්දීමක්

සිය වාහනයේ ගමන් කරන පුද්ගලයින් පිළිබඳ සටහනක් තබා ගන්නා ලෙස පොලිසිය, ත‍්‍රීරෝද රථ රියදුරන් සහ ප‍්‍රවාහන සේවා සපයන කුලී රථ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඇතැම් පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ මෙතෙක් හෙළි කරගැනීමට නොහැකි වි ඇති බැවින් එවැනි ගමන් සටහනක් තබාගන්නා ලෙසයි පොලීසිය මෙලෙස ඉල්ලීමක් කර ඇත.