News

කොරෝනා ආසාදිත පළමු නාවික සෙබලා සුවය ලබයි

අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරීයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.

‍මෙම නාවික පුද්ගලයා 2020 අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී 2020 අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් කර PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසු කොඩිව් – 19 ආසාධනය වී ඇති බව හදුනා ගෙන ඇත.

පසුව ඔහු ප්‍රථිකාර සඳහා එදිනම අයිඩීඑච් රෝහල වෙත යොමු කරන ලද අතර, අයිඩීඑච් රෝහලේ ප්‍රථිකාර ලබා දීමේදී වරින් වර සිදු කල පීසීආර් පරීක්‍ෂණ තුනක ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් ඔහුගේ සිරුර තුළ නොමැති බව තහවුරු වීම නිසා ඊයේ(03)  රෝහලින් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.