News

කොරෝනා ආසාදිතයින් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

පොළොන්නරුව අසේලපුර ප්‍රදේශයේදි බස් රථ දෙකක් ගැටීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබේ.

එම අනතුරෙන් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බස් රථ දෙකෙහි රියදුරන් වේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිරෝධායනය සදහා කොරෝනා ආසාදිතයින් රැගෙන මරදානේ සිට පූනානි නිරෝධායන මධ්‍යස්ථානය දක්වා ධාවනය වූ බස් රථයක් බව පොලීසිය පවසයි.

අනතුරට ලක්වන අවස්ථාවේ එම බස් රථයේ ආසාදිතයින් 23දෙනෙකු සිටි බව පොලීසිය සදහන් කරයි.

තුවාල ලැබූවන් අතර කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ද වන බව පොලීසිය පවසයි.

ඔවුන් සියලුදෙනා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

ඡායාරූප – ජේ. ඒ. ජයකොඩි – පොළොන්නරුව