News

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවා තිබේ.

මේ වන විට වාර්තා වාර්තා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,016,742ක්.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 1,572,114ක්.

ඊට අමතරව රුසියාවෙන් ආසාදිතයින් 308,705ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 278,803ක්, බ්‍රසීලයෙන් ආසාදිතයින් 271,885ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 248,818ක්, ඉතාලියෙන් ආසාදිතයින් 226,699ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 180,809ක්, ජර්මනියෙන් ආසාදිතයින් 177,989ක්, තුර්කියෙන් ආසාදිතයින් 151,615ක්, ඉරානයෙන් ආසාදිතයින් 126,949ක් සහ ඉන්දියාවෙන් ආසාදිතයින් 107,819ක් වාර්තා වේ.

මේ අතර ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 325,556ක්.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 93,594ක්.

ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් මරණ 35,341ක්, ඉතාලියෙන් මරණ 32,169ක්, ප්‍රංශයෙන් මරණ 28,022ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 27,778ක් වාර්තා වේ.