News

කොරෝනා පැණිය බීපු අයකුටත් කොරෝනා

වරකාපොල ප‍්‍රදේශීය ලේකම් බල ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගය ආසාදිත වූ පුද්ගලයන් දොළොස්දෙනකු (12) හදුනාගෙන ඇති බව වරකාපොල මහජන සෞඛ්‍ය පරීක්ෂක හේමන්ත කුමාර මහතා පවසයි.

මෙම රෝගීන් අතරින් තුල්හිරිය ඇගලූම් ආයතනයක තිදෙනෙකුද, තල්ලියද්දේ දෙදෙනෙකුද, නිවටුව එක් අයකුද, දුම්මලදෙණියේ එක් අයකුද, වේරගල දෙදෙනෙකුද, ඔත්නාපිටියේ තිදෙනෙකුද වන බවත්, ඔත්නාපිටියේ එක් අයකුද වන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

ඉන් උඩුකුඹුර ඔත්නාපිටිය පදිංචි පුද්ගලයා කෑගල්ලේ පැණිය පානය කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

මොවුන් ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර පවුල්වල සෙසු පිරිස් නිරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.