කොරෝනා රෝගියෙක් නිසා කොළඹ නගර සභාවේ කලබලයක්
කොළඹ නගර සභාවේ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
කොළඹ නගර සභාවේ මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයේ කළමණාකරණ සහකාරියක ලෙස ඇය සේවය කරනු ලබයි.
ඇයගේ ස්වාමියා කොළඹ ජාතික රෝහලේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු ලෙස සේවය කරනු ලබයි
මේ වන විට මරදානේ පිහිටි පුණ්‍ය කොමසාරිස් අංශයට කිසිවෙකුටත් පිටතට පැමිණීමට හෝ ඇතුළට පැමිණීමට නොහැකි වන ලෙස වසා දමා ඇත.
මේ පුවත ආරංචි වීමත් සමඟ කොළඹ නගර සභාවේ සියලුම සේවකයින් කලබල වී පිටතට පැමිණ තිබේ.
ආසාදිතයාගේ සමීපතම ආශ්‍රිතයන් සඳහා මේ වන විට පී.සී.ආර්. පරීකෂණ සිදු කිරීම ආරම්භ කර තිබේ.
