News

කොරෝනා රෝගීන් නිසා නිකවැරටියේ කඩ වැසේ

නිකවැරටිය ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 06ක් වාර්තා වී ඇත.

එම ආසාදිතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නගරය පුරා සැරිසැරීම හේතුවෙන් 09,10,11 යන තෙදින තුල නිකවැරටිය නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට පියවර ගත් බව නිකවැරටිය වෙළඳ සංගමය පවසයි.

අසාධිතයන් දෙදෙනෙකුගේ ආශ්‍රිතයින් ලෙසමේවන විට නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක්ද නිරෝධායනයට ලක්කර වසා දමා ඇත.

මේ මස 12 බ්‍රහස්පතින්දා දින යළි නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කෙරුණ ද නගරයට පැමිණෙන සියලුම ජනයා සෞඛ්‍ය උපදෙස් පිළිපදින පැද රටතුළ ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසංගත තත්වය මර්ධනය කිරීමට සහය දක්වන ලෙසද වෙළඳ සංගමය ජනතාවට දැනුම් දී සිටී.