කොරෝනා රෝගීන් භාර නොගන්නා රෝහල් ගැන විමර්ෂනයක්
කොවිඩ් රෝගීන් හා ආශ්‍රිතයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් කර නොගන්නා රෝහල් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රෝගීන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන රෝහල් සහ යළි හරවා යවන රෝහල් පිළිබඳ පැමිණිලි රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී තිබේ. එවැනි රෝහල්වල පරිපාලනයට එරෙහිව දැඩි පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් පවසයි.
අවිස්සාවේල්ල මූලික රෝහලෙන් එවැනි සිද්ධියක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස රෝහල් 49ක් පවත්වාගෙන යයි. ඇඳන් 1100ක් ඒ සඳහා භාවිත කරනු ලබයි.
ඉදිරියේදී හෝමාගම මූලික රෝහලද කොවිඩ් රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම රෝහලේ සිටින සාමාන්‍ය රෝගීන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
උදයජීව ඒකනායක
