News

කොරෝනා වෛරසයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 7719 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 275,413ක් වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (09) දිනය තුළදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 10,218ක් වේ.

එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මේ වන විට ආසාදිතයින් 8,944දෙනෙකු ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි.

මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 134,165දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.