කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 303,405ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 86,912ක්.
බ්‍රිතාන්‍යයෙන් මරණ 33,614ක්, ඉතාලියෙන් මරණ 31,368ක්, ප්‍රංශයෙන් මරණ 27,425ක්, සහ ස්පාඤ්ඤයෙන් මරණ 27,321ක් ලෙස වාර්තා වේ.
ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,526,905ක් වන අතර, ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.
