News

කොරෝනා වෛරසයෙන් සුව වූ සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5,090,158ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 2,025,434ක් මේ වන විට සුව වී ඇත.

මෙම වෛරසයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 329,739ක්.

ඇමෙරිකාවෙන් ආසාදිතයින් 1,593,039ක් වාර්තා වන අතර, එරට වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛයාව 94,941ක්.

ඊට අමතරව රුසියාවෙන් ආසාදිතයින් 308,705ක් වාර්තා වන අතර, එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 2,972ක්.

බ්‍රසීලයෙන් ආසාදිතයින් 293,357ක්, ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 279,524ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 248,293ක්, ඉතාලියෙන් ආසාදිතයින් 227,364ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 181,575ක්, ජර්මනියෙන් ආසාදිතයින් 178,531ක්, තුර්කියෙන් ආසාදිතයින් 152,587ක්, ඉරානයෙන් ආසාදිතයින් 126,949ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 112,442ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 104,020ක් වාර්තා වේ.

ඇමෙරිකාවට පසුව වැඩිම කොරෝනා මරණ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 35,704ක්.

ඊට අමතරව ඉතාලියෙන් මරණ 32,330ක්, ප්‍රංශයෙන් මරණ 28,132ක්, ස්පාඤ්ඤයෙන් මරණ 27,888ක් සහ බ්‍රසීලයෙන් මරණ 18,894ක් වාර්තා වේ.