කොරෝනාවෙන් යටගිය මංතීරු නීතිය අද සිට
බස්නාහිර පළාතේ මංතීරු නීතිය අද (14 වැනිදා) සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ මංතීරු නීතිය කොරෝනා තත්ත්වය මත තාවකාලිකව අත්හිටුවා තිබිණි. කෙසේ වෙතත් එම නීතිය අද (14 වැනිදා) සිට පහත මාර්ගවල ක්‍රියාත්මක වේ. එනම් ශ්‍රී ජයවර්ධනපුර මාවත, පොල්දූව හන්දියේ සිට හෝර්ටන් වටරවුම දක්වා මාර්ගය, බේස්ලයින් හන්දිය දක්වා මාර්ගය, හයිලෙවෙල් මාර්ගයේ අනුලා විද්‍යාලය අසල සිට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත දක්වා තුම්මුල්ල වටරවුමේ සිට පුස්තකාල හන්දිය දක්වා ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට පිත්තල හන්දිය දක්වා විලියම් හන්දියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම නීතිය ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් 1500කට අධික පිරිසක් යොදවා ඇති බවද පොලිස් මූලස්ථානය පවසයි.
හේමන්ත ලියනපතිරණ
