කොල්ලුපිටිය අපරාධ අංශයේ OIC හදිසියේ මියයයි
කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජේ.එම්. නිලන්ත මහතා හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.
ගාලු මුවදොර පිටියේ අද(26) උදෑසන ශාරීරික ව්‍යායාම සිදුකරමින් සිටි අවස්ථාවේ ඔහු ඇද වැටී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිට ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
මියගිය, පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා 42 හැවිරිදි පස්සර මාඋස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ය.
මියගිය අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට හෘද සැත්කමක්ද සිදුකර තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
