News

කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු 30ක් නිරෝධායනයට

අමෙරිකානු තානාපති කාර්යාලය අසල උද්ඝෝෂණයේ රාජකාරි කටයුතු සිදුකල කොල්ලුපිටි‍ය පොලිස් වසමේ පොලිස් නිලධාරීන් නිරෝධායනය කිරීම සඳහා යොමු කර තිබේ.

පසුගිය ජුනි මස 6 වන දින කොල්ලුපිටියේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

එම උද්ඝෝෂණය මැඩපැවැත්වීම සඳහා රාජකාරියේ නිරත වු කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 30 දෙනෙක් මෙලස නිරෝධානයට යොමු කර තිබේ.

එම නිලධාරීන් සියලු දෙනා පොලීසිය විසින් පවත්වනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.