කොල්ලුපිටියෙන් ආසාදිතයින් 55ක් හඳුනා ගනී
ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 430 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් 251ක් කොළඹින් හඳුනා ගෙන ඇත.
ඒ අතරින් කොල්ලුපිටියෙන් 55දෙනෙක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 32දෙනෙක් හා 25 දෙනෙක් කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
බ්ලුමැන්ඩල් ප්‍රදේශයෙන් 04දෙනෙක්, බොරැල්ල ප්‍රදේශයෙන් 06දෙනෙක්, දෙමටගොඩ ප්‍රදේශයෙන් 17දෙනෙක්, කිරුලපොන ප්‍රදේශයෙන් 04දෙනෙක්,වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් එක්කෙනෙක්, මාළිගාවත්ත ප්‍රදේශයෙන් 20දෙනෙක්, දෙහිවල ප්‍රදේශයෙන් එක්කෙනෙක්, කොටහේන ප්‍රදේශයෙන් 11දෙනෙක්, මරදාන ප්‍රදේශයෙන් 20දෙනෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 08දෙනෙක්, මිරිහාන ප්‍රදේශයෙන් එක්කෙනෙක්, කොළොන්නාව ප්‍රදේශයෙන් 07දෙනෙක්, මෝදර ප්‍රදේශයෙන් 04දෙනෙක්, ගල්කිස්ස ප්‍රදේශයෙන් 07දෙනෙක් සහ කොටුව ප්‍රදේශයෙන් 28දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 18දෙනෙක් හඳුනා ගෙන ඇති අතර වත්තල ප්‍රදේශයෙන් 03දෙනෙක්, මහර ප්‍රදේශයෙන් 02දෙනෙක්, අත්තනගල්ල ප්‍රදේශයෙන් 05දෙනෙක් සහ කැලණිය ප්‍රදේශයෙන් 08දෙනෙක් එලෙස හඳුනා ගෙන ඇත.
ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 6ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 8ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් 4ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 7ක් ලෙස ද වාර්තා වේ.
ඊයේ දිනයේ දී ආසාදිත පොලිස් නිලධාරීන් 91 දෙනෙක් හඳුනාගෙන ඇති අතර, ඉන් 82 දෙදෙනෙක් කොටුව පොලිස් ස්ථානයෙන් වාර්තා වී තිබේ.
බෝගම්බර බන්ධනාගාර ආශ්‍රිතව 23 ක් කුරුවිල බන්ධනාගාරයෙක් එක් ආසාදියෙක් ඊයේ හඳුනාගෙන ඇත.
