කොවිඩ්-19 ආසාදනය වූ 36ක් පූර්ණ සුවය ලබයි
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 36දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1955දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට තුළ කොවිඩ් 19 වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2078ක් බවත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 112 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවත් සෞඛ්‍ය අංශ නිවේදනය කරයි
