News

කොවිඩ්-19 ආසාදනය වූ තවත් 11ක් හදුනාගැනේ

මෙරටින් තවත් කොවිඩ්-19 ආසාදිතයින් 11දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2982දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 10 දෙනෙකු සහ කෙන්යාවේ සිට පැමිණි එක් අසාදිතයෙකුත් ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

මේ වන විට ආසාදිතයින් 150 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.