කොවිඩ්-19 ආසාදිතයින් ගණන එක්කෝටි විසිදෙලක්ෂය ඉක්මවයි
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 554,924ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 133,290ක්.
ඇමෙරිකාවට පසුව වැඩිම මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වේ.
එම සංඛ්‍යාවා 69,184ක්.
ඊට අමතරව බ්‍රිතාන්‍යයෙන් මරණ 44,687ක්, ඉතාලියෙන් මරණ 34,926ක්, මෙක්සිකෝවෙන් මරණ 33,526ක්, ප්‍රංශයෙන් මරණ 29,982ක්, ස්පාඤ්ඤයෙන් මරණ 28,604ක් සහ ඉන්දියාවෙන් මරණ 21,604ක් ලෙස වාර්තා වේ.
ලොව පුරා මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,268,518ක් වන අතර, වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වේ.
එම සංඛ්‍යාව 3,117,946ක්.
බ්‍රසීලයෙන් ආසාදිතයින් 1,755,779ක්, ඉන්දියාවෙන් ආසාදිතයින් 793,802ක්, රුසියාවෙන් ආසාදිතයින් 706,240ක් සහ පේරු රාජ්‍යයෙන් ආසාදිතයින් 316,448ක් වාර්තා වේ.
