කොවිඩ්-19 රට තුළ පැතිරීමේ අවදානමක්
විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් හේතුවෙන් කොවිඩ්-19 වෛරසය රට තුළ පැතිරීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
විදෙස්ගතව මෙරටට පැමිණෙන බොහෝ පිරිසකට කොවිඩ්-19 රෝගය වැළඳී තිබෙන බවට වාර්ථා වේ.මේ තත්ත්වය යටතේ දී ලංකාව තුළ මේ වනවිට සමාජය තුළ කොවිඩ්-19 රෝගය වාර්තා නොවුණ ද, රට තුළ කොවිඩ්-19 පැතිරීමේ අවදානම අඩුවක් නැහැ.
අපට මඟහැරුණු හෝ අපෙන් ගිලිහීගිය කොවිඩ්-19 රෝගියෙකු මේ සමාජය තුළ සිටියහොත්, කොවිඩ්-19 රෝගියෙක් ලෙස හෝ රෝගීන් පොකුරක් ලෙස යම් දවසක වාර්තා වෙන්නට පුළුවන්, ඒ තුළින් අපේ සමාජය තුළ කොවිඩ්-19 රෝගය ව්‍යාප්තවීමේ විශාල අවදානමක් තිබෙනවා. ඒ නිසා අපි සියලුදෙනා, මේ පිළිබඳ අවධානය යොමුකරලා කොවිඩ් -19 රෝගයට එරෙහිව කටයුතු කිරීමට සහ කොවිඩ්-19 රෝගය පැතිරීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්නට ඕනේ. යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
