News

කොවිඩ් අස්සේ බයිස්කෝප් පෙන්නන්න අවසර ඉල්ලයි

සෞඛ්‍ය අංශ නිර්දේශවලට යටත්ව සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සදහා අවසර ලබාදෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව විසින් කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් අවසර ඉල්ලා තිබේ.

කොවිඩ්-19 ව්‍යාප්තියත් සමග සිනමා කර්මාන්තය දැඩි ලෙස පහළ වැටී ඇති බව ලිපියක් මගින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා විසින් කොරෝනා බලකායට ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ දුරස්ථභාවය ආරක්ෂා කරමින් පූර්ණ සෙ$ඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර ලබාදෙන ලෙසයි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් සිනමා ශාලා වසා දමන්නේ ද නැද්ද යන්න පිළිබදව බලධාරීන් සමග අද දිනයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට කටයුතු කරන බව චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සදහන් කරයි.