News

කොවිඩ් ආසාදනය වූ 520ක් සුවය ලබයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 520දෙනෙකු සුවය ලබා තිබේ.

වසංගත රෝග විද්‍යා අංශ සදහන් කළේ මේ වන විට මෙරට ආසාදිතයින් 33221දෙනෙකු සුවය ලබා ඇති බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් 41054දෙනෙකුගෙන් 7642 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනු ඇති.

කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත ආසාදිතයින් ගණන 191කි.