News

කොවිඩ් ආසාදිත මව්වරු දරුවන් 40ක් බිහිකරලා

නැගෙනහිර කොළඹ මූලික රෝහල තුළ දෙසැම්බර් 01 වැනිදා සිට 31 වැනිදා දක්වා කාලයේදී කොවිඩ් ආසාදිත මව්වරුන් 38 දෙනකු දරුවන් 40ක් ප්‍රසූත කළ බව රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ සඳහන් කළේය.

එම සියලුම මව්වරුන් නිරෝගී දරුවන් බිහි කළ අතර දරුවන් දෙදෙනකුට පමණක් කොවිඩ් වයිරසය ආසාදනය වූ බව වෛද්‍යවරයා පැවසීය. ඔවුන් අතුරින් එක් මවක් විසින් නිවුන් දරුවන් බිහි කර ඇත. නැගෙනහිර කොළඹ මූලික රෝහලට වෙනත් රෝහල්වලින් මාරු කර එවූ එම ආසාදිත මව්වරුන් විවිධ සංකූලතාවන්ගෙන් පෙළුණු නමුත් දරු ප්‍රසූති​ෙයන් පසු බොහෝ දෙනකු නිවෙස් කරා ගොස් ඇතැයි හෙතෙම කීවේය.

ශ්‍රියානි විජේසිංහ