කොවිඩ් නසන්න බටහිර-ආයුර්වේද හවුල් ප්‍රතිකර්මයක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන්ට බටහිර සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම දෙකම භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙයි.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරීන්, ආයුර්වේද පාරම්පරික වෛද්‍යවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
එම වෛද්‍යවරුන් ලබාදුන් වෛද්‍ය ප්‍රතිකර්ම ක්‍රම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 තාක්ෂණික කමිටුවට යොමු කළ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවැසීය.
මෙම වෛද්‍ය ක්‍රම පර්යේෂණ මගින් සනාථ කර ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ආයුර්වේද වෛද්‍යවරුන් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් සොයාගත් කොවිඩ් -19 ආසාදිතයන්ගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රම භාවිත කළ බවයි.
උදයජීව ඒකනායක
