කොවිඩ් නොතකා කරන උපකාරක පංති වටලයි
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ලබාදුන් උපදෙස් පිළිනොපදින පුද්ගලයන් පිළිබඳව අද (09) දිනයේත් දිවයනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වේ.
උපදෙස්වලට පටහැනිව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගනිමින් අද දින පැවැත් වු උපකාරක පන්තියක් වැටලීමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් පියවර ගෙන ඇත.
එමෙන්ම බගවන්තලාව ආරියපුර සහ සිරිපුර ප්‍රදේශයේද ස්ථාන දෙකක 9වන ශ්‍රේණියේ සිසු සිසුවියන්ට බාහිර පන්ති පැවැත් වු ස්ථාන දෙකක්ද පොලිසිය වටලා ඇත.
සහභාගී වූ සිසු සිසුවියන් නැවත නිවාස කරා යැවීමට පොලිස් නිලධාරින් කටයුතු කර ඇත. එම උපකාරක පන්ති පවත්වාගෙන ගිය ගුරුවරුන්ට තරයේ අවවාද කර තිබේ.
සියලුම පාසැල් වසා දැමීමට තීරණය කර ඇති පසුබිමක බණ්ඩාරවෙල හීල් ඔය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආරාබි පාසැලක් බණ්ඩාරවෙල පොලිසිය විසින් වටලා ඇත. මෙම පාසැල තුළ ළමුන් 175ක් සහ ගුරුවරුන් 16ක් ඒ වන විට සිට තිබේ.
පසුව පොලිසිය විසින් ආදළ පුද්ගලයින් දැනුවත් කර පාසැල වසා දැමීමට කටයුතු කර ඇත.
