News

කොවිඩ් පරීක්ෂණ වැඩි කරයි

ඊයේ දිනයේ දී (01) කොවිඩ් පරක්ෂණ (PCR ) 1,810 ක් මෙරට දී සිදුකර ඇත. මේ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව සමස්ත මෙරට PCR පරක්ෂණ 228,052 ක් දක්වා ඉහල යනවා.

ඊයේ දිනයේ දී නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 43 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 3,092ක් බවට පත්වනවා.

එම ආසාදිතයන් අතර කටාර් 26ක් කුවේට් 06ක් මාලදිවයිනෙන් 06ක් ඉන්දියාවෙන් 02ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 01ක් සහ ඉන්දීය සිවිල් නාවික ආරක්ෂකයෙක් ද වන බව මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම මේවන විට සමස්ථ කොවිඩ් රෝගීන්ගෙන් 2,879 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. රෝගීන් 201 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

අද (02) උදෑසන වන විට ඩුබායි සිට සිවිල් නාවික ආරක්ෂක නිලධාරීන් 29 දෙනෙක් හා දෝහා කටාර් සිට පුද්ගලයින් 57 දෙනෙක් දිවයිනට පැමිණ ඇත.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමුකර ඇත.

අද දිනය (02) නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 402ක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත යෑමට නියමිත බව වාර්තා වේ.

පුද්ගලයින් 35,338 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය මේ වන විට අවසන් කර ඇත. අද වන විට ත්‍රිවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයින් 7,990ක් නිරෝධායනය වන බව පැවසෙනවා.