කොවිඩ් මගහරින්න මුදල් හුවමාරුව අවම කරන්න
නව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් සංසරණයක් සඳහා යොමුවීම වැදගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පෙන්වා දෙන්නේ නව තාක්ෂණික ගෙවීම් ක්‍රම සඳහා යොමුවීම හෝ මුදල් හුවමාරුවෙන් පසු හොඳින් දෑත් සේදීම මගින් වෛරසයෙන් ආරක්ෂා වීමට ගතහැකි වැදගත් පියවරක් බවයි.
තවද භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ද වැදගත් වන බවයි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩි දුරටත් පෙන්වා දෙනු ලබන්නේ.
