News

කොවිඩ් වසංගතයේ අවසානය තවත් බොහෝ ඈතයි

කොවිඩ් වසංගතයේ අවසානය තවත් බොහෝ ඈත බවත් වසංගතය ගෝලීය වශයෙන් නරක අතට හැරෙමින් තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ඊයේ (10 වැනිදා) ජිනීවා නුවර මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොප් ඇඩනොට් පෙන්වා දෙන ලද්දේ පසුගිය ඉරිදා දින​යේ මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ලොව පුරා වාර්තා වූ බවයි.

‘‘වසංගතයට මාස 6 කට වඩා වැඩි කාලයක් ගතවී ඇති නමුත් කිසිම රටක් ආසාදනය වැළැක්වීමට ගත් දැඩි ක්‍රියාමාර්ග ලිහිල් නොකළ යුතුයි.’’

පසුගිය ඉරිදා (7 වැනිදා) ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 1,36,000 ක් වාර්තා වූ අතර එය මෙතෙක් එක් දිනක ලොව වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

ඔවුන්ගෙන් 75% කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ බ්‍රසීලය ප්‍රමුඛ දකුණු ඇමරිකාවෙනි. එසේම ඉන්දියාව ප්‍රමුඛ දකුණු ආසියාවෙන්ද නව රෝගීන් විශාල සංඛ්‍යාවක් එදින වාර්තා විය.

නයන තරංග ගමගේ