News

කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 30000 ඉක්මවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 686දෙනෙකු සුවය ලබා තිබේ.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 30568ක් වේ.

මෙරටදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38639ක් වන අතර, ඉන් 7887දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 184කි.