කොළඹ ආසාධිතයින් ගේ සංඛ්‍යාව ගැන වැරදි පුවතක් පැතිර යයි
දින් 9ක් තුළ කොළඹ නගරයේ කොරෝනා ආසාධිතයින් 937 දෙනකු වාර්තා වූ බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලදාරී වෛද්‍ය රුවන් විජේමුනි අරුණට පැවසීය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළඳුන් සහ සේවකයින් 337දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වූ අතර ඔවුන්ගේ පලමු පෙළ ආශ්‍රතයින් 4000ක ගේ සිදු කළ පී සී ආර් පරීක්ෂණ වලින් 600දෙනෙකු අසාදිතයින් ලෙස වාර්තා වී ඇත.
ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම 937 එක් දිනක් තුළ වාර්තා වූ බවට අසත්‍ය ප්‍රචාර කරන බවත් දින 9ක් තුළ කළ පී සී ආර් පරීක්ෂණ මගින් වාරතා වූ මෙම රෝගීන් පිළිබද නිවැරදි සත්‍ය වාර්තා කරන ලෙසත් වෛද්‍ය රුවන් විජේමුණි මහතා අරුණින් ඉල්ලීමක් කළේය.
චාමර පල්ලේගෙදර
