News

කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙක්ට කොරෝනා

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මෙම නාගරික මන්ත්‍රීවරයා උතුරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 30 වැනිදා කොළඹ මහ නගර සභාවේ මාසික සභා රැස්වීමට ද මෙම මන්ත්‍රීවරයා සහභාගී වී ඇතැයි නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.

මේ වනවිට වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්ත්‍රීවරයා කොළඹ අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.