News

කොළඹ මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් ලබාගැනීම පරමාර්ථයයි

මහ මැතිවරණයේ ජයග්‍රහණය පිළිබද කිසිදු ගැටළුවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නමුත් අවශ්‍ය වන්නේ තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කය තුළත් මන්ත්‍රී සංඛ්‍යාව තුනෙන් දෙකක් ලබාගත ගැනීමේ පරමාර්ථයක් සදහා තම පක්ෂය සටන් වදින බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඊයේ (22) හෝමාගම නගරයේ බස්නැවතුම්පොළ අසල පැවැති ජන රැලියකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් දැක් වූ අදහස්…..

සජිත් ප්‍රේමදාස මහත්තයා කොළඹින් තරඟකරන ගමන් උතුරට ගිහිල්ල එකක් කියනව . දකුණට ගිහිල්ල තව එකක් කියනව . ඒ වගේ දෙබිඩි කතා කියනවා ඒ නිසා ජනතාවට ඔවුන් ගැන විස්වාසයක් නැහැ .

මේ මැතිවරණෙට ඉස්සරවෙලා ජනධිපතිවරණය තිබුන. ජනාධිපවරණයට කලින් පළාත් සභා මැතිවරණය තියන්න තිබුනෙ. යහපාලන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය තිව්වේ නැහැ . ප්‍රාදේශීය සභා මැතිවරණය පරක්කු කරා. ඒකෙදි අපේ ජයග්‍රහනයත් එක්ක පළාත් සභාව කල් දැම්ම. නමුත් රටේ වාසනාවට එයාලගේ අවාසනාවට ජනාධිපතිවරණය කල් දාන්න යහපාලන ආණ්ඩුවට බැරි වුනා. ඒ නිසා ජනාධිපතිවරණයෙන් අපි දිනල ගෝඨාභය රාජපක්‍ෂ මහත්තය ජනාධිපති වුනා. එදා එතුමා ජනාධිපති වෙනකොට ජනතාව ඉදිරියේ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරා. ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වියයුත්තේ පාර්ලිමේන්තුව තුල . ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙන්නෙ එතුමා නියෝජනය කරන පක්‍ෂය මත පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය බලය ලබාගැනීමෙන් පමණයි. ඒ නිසා අපිට රටට වැඩ කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන.

අද සමහරු කියනව එයාලටත් පුළුවන් ගෝඨාභය එක්ක වැඩ කරන්න කියල . එහෙම වැඩ කරන්න පුළුවන්කම තියෙන්නෙ අපිට විතරයි. ඒ ප්‍රතිපත්ති පිළිගත්ත ඒ වැඩපිළිවෙල පිළිගත්ත ඒ වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන ගිය නායකයොත් එක්ක තමයි ඒ වැඩ පිළිවෙල ක්‍රියාවට නංවන්න පුළුවන් වෙන්නෙ . ඒ නිසා තමයි මේ මැතිවරණයෙන් පැහැදිලිලෙස එකම අපි තනි බලයක් ඉල්ලන්නෙ . 2015 දී ජනතාව දැක්ක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන් ටික දවසකින් විරසක වුනා. ඒ විරසකයෙන් පස්සෙ වුනේ ජනාධිපති කියන දේ අගමැති කරේ නැහැ අගමැති කියන දේ ජනාධිපති කරේ නැහැ. ඒ නිසාම රටම අවුල්වුනා. ඔවුන්ගේ ප්‍රතිපත්තිවත් ඔවුන්ට ක්‍රියාත්මක කරගන්න බැරිවුනා. එයාලට කරගන්න පුළුවන්වුනේ රට විකුණන ප්‍රතිපත්තිය විතරයි. ඒ නිසා අද අපි එකතුවෙලා මේ මැතිවරණය ජයග්‍රහණය කරල රට හරි මගට ගෙනියන්න ඕන. ඒ සදහා ජනතාවගේ සහය අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.