News

කොළඹ රෝගීන් වැඩිවුණේ පොදු වැසිකිලි නිසා

කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිපුරම කොවිඩ් රෝගීන් වාර්තා වීමට හේතු වී ඇත්තේ කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස හා ඒ ආශ්‍රිත ජනතාව පොදු වැසිකිළි, නාන ස්ථානවල ජල කරාම භාවිතා කිරීමේ පුරුද්ද නිසා බව විමර්ශනයක දී අනාවරණය වී ඇත.

සිකුරාදා වන විට කොවිඩ් දෙවැනි පොකුරේ වාර්තා වූ 15324 දෙනාගෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළේ ආශ්‍රිතයන් 12265ක් ලෙස වාර්තා විය. ඉන් වැඩිම ප්‍රමාණයක් කොළඹ උතුරින් වාර්තා වූවන්ය.

කොළඹ උතුර ප්‍රදේශයට මෝදර, කොටහේන, මට්ටක්කුලිය, දෙමටගොඩ වෙරළබඩ ප්‍රදේශ අයත් වන්නේය. කොළඹ උතුර ප්‍රදේශයේ ජනගහනය එක්ලක්ෂ තිස්එක්දහස් දොලහකි.

කොවිඩ් ආසාදිතයන්ගෙන් 388ක් මට්ටක්කුලියේද, 327ක් මෝදරින්ද, 288ක් දෙමටගොඩින්ද, 204ක් වනාතමුල්ලෙන්ද, 230ක් කොම්පඤ්ඤ වීදියෙන්ද, 255ක් ජින්තුපිටියෙන්ද, 295ක් කොටහේනේද, බ්ලුමැන්ඩල්වලින් 205ක් ද වශයෙන් රෝගීන් 2142ක් වාර්තා විය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා